Wahi Raaka Lyrics - වැහි රෑක ගීතයේ පද පෙළ
Artist: Chamara Nirmal
Album: Wahi Raaka
Released: 2022
ආල තාල නෑසුනා නොවේ
රතු රෝස හීන හීනමත් නොවේ
ගොළු වී සිනාසුනාට ඒ වෙලේ
සසැලේ නොකීව කාරණා හිතේ
වැහි රෑක සීත ආ දා
ගිම්හානයේ පවා මා
ගැයුවේ සුසුම් නිවාලූ මේ ස්වරේ
ක්ෂිතිජේ ඉමේ බලා මා
රළ සේ රැයේ බිඳීලා
ගැයුවේ සෙමින් සිනාසී මේ ස්වරේ
සඳ දුර හීන හැම බොඳවීද අත නෑ අත හැරුණේ
දෙතොලග පාට රස නොදැනීද නෑ මා පසුතැවුණේ
සිතිවිලි සේම ඇදහිලි ප්‍රේම තුන්යම නිදි වැරුවේ
ඇය යළි නේන මට නතු නූන නිමිතයි වැහි මතුලේ
වැහි රෑක සීත ආ දා
ගිම්හානයේ පවා මා
ගැයුවේ සුසුම් නිවාලූ මේ ස්වරේ
ක්ෂිතිජේ ඉමේ බලා මා
රළ සේ රැයේ බිඳීලා
ගැයුවේ සෙමින් සිනාසී මේ ස්වරේ